මුව ළඟට පිරි තිබූ වීදුරු කෙමෙන් කෙමෙන් හිස්ව යද්දී..
පැහැදිලිව තිබූ වීදුරු ජනේල මත සිහින් මීදුම පතිතව අවට දසුන් බොඳ වෙද්දී…
නිහඬව තිබූ පරිසරයේ එතෙක් නිසලව තිබූ මිනිස් රූ සංගීත නාදරටා සමග ඒකාත්මික වෙද්දී මට දැනුනේ මහත් තනි කමක්.
ඒ කුමක් නිසාදැයි නිශ්චිත වශයෙන් ම නොදැනුනත් මගේ සිත, ගෙදර සුවසේ මව සමග නිදනවා ඇතැයි මා සිතූ පුතු සහ දියණිය හරහා අතීතයට පලා ගිය බව පමණක් කිව හැකියි.
වාදනය වන විවිධ ගීත තුළින් සිතට නැගුනා වූ මතකයන් එකිනෙක ගැටෙද්දි මම බලා සිටියා නොපෙනෙන මානයක් වෙත. හෙට මම කොතැනක හිඳීවිද.. කුමක් කවදා කෙලෙසක සිදු වේවිද..
ගණන් කළ නොහැකි සිතුවිලි ප්‍රමාණයක් මසිත වෙලා ගෙන. සිනා හඬ ගීත ගායනා කරන හඬ පරයා මගේ සිත වෙනත් දිශාවකට ගමන් කරනවා. ඒ මොහොතේ සියළු වැඩ නවතා ඉක්මණින් කළ යුතු යැයි මගේ සිත වද දුන් කාරණය, මම මෙලෙස සටහන් කළා අසම්පූර්ණ වචන කීපයක.
සිතට නැගුණු ඒ කරුණු සියල්ලම මෙලෙස වචන ලෙස ගලපා එම සිතුවිලි වෙත සාධාරණයක් ඉටු කළාදැයි කීමට මම නොදන්නෙමි. මේ රාත්‍රී යාමයේ ඇසූ සහ සිතින් මිමිනූ එක් ගීත කොටසක් පමණක් සටහන් කොට මේ වචන කීපයට තිත තබමි.
සුභ රාත්‍රියක්..!
...දවසක හමු වෙමු
හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ…
හසිත එරන්ද පෙරේරා
16-06-2020