මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමු ගනිම් මා
එහෙයින්ම මේ රාත්‍රිය එළි නොවේවා
ඔබ හිඳින ඝන අඳුර
සොඳුරු වේ සොඳුරු වේ
හිරු නැගෙන මල් පිපෙන
උදෑසනට වඩා
සමු ගනිමි හෙට උදේ
මා ඔබෙන් මා ඔබෙන්
එහෙයින්ම මේ රාත්‍රිය
නිම නොවේවා
මේ රාත්‍රිය එළි නොවේවා
හෙට උදේ ඔබෙන් සමු ගනිමි මා
එහෙයින්ම මේ රාත්‍රිය එළි නොවේවා
ඔබ නුවන් තාරකා
දිලි දිලී දිලි දිලී
මා නුවන් වශී කර
බඳී මේ ඝනඳුරේ
ඒ බැඳුම් හැර දමා
යනු නොහේ යනු නොහේ
එහෙයින්ම මේ රාත්‍රිය
නිම නොවේවා
ගායනය: අමරසිරි පීරිස්
පද: ජී එච් කේ රත්නසිරි
මීට කලින් අහලා නැති රචකයෙක්. පහන් තරුව කැසට් පටයෙන් උපුටා ගැනීමක්.
මේ තියෙන්නෙ ගීතය ගැන ගී මිණි ආර යටතේ ඇති වීඩියෝව මෙන්න ලින්ක් එක BBC 30 අප්‍රේල් 2012 ගී මිණි ආර
රත්නසිරි මහතා ගැන වැඩි යමක් අන්තර්ජාලයෙන් සොයා ගන්න අපහසු වුනා. සැලසිනේ ආයතනයේ සේවය කල රත්නසිරි මහතා සහ ගීතය රචනා කල රත්නසිරි මහතා එක්කෙනෙකු යයි සිතන්නට පුලුවන්. එය තහවුරු කරන්නට ඔබට භාර කරමි.
InfoLankaMiyuruGee මේ වීඩියෝවෙ තියෙනවා ඒ කැසට් පටිය වාදනය වෙමින්..
කැසට් කවරය බොහෝ මතකයන් සිතට ගෙන ඒවි. එහි අඩංගු අනෙක් ගීත රස විඳ ඇති.
එහෙයින්ම මේ රාත්‍රිය එළි නොවේවා!
