මේ ගීතය මම ඇසුවේ මුදිත මහතාගේ infolankamiyurugee චැනලයෙන්.
ගීතය අඩංගු වුණේ කැසට් පටියක. නිමල් මෙන්ඩිස් 2 නිල් දිය රැල්ලේ කැසටය. එහි කවරයේ ටී.එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, මොරිස් බානි විජේසිංහ සහ සරත් යනුවෙන් සඳහන් ව තිබෙනවා.
මේ විස්තර කැසට් කවරයෙන් උපුටා ගත්තේ.
නිමල් මෙන්ඩිස් 2 - නිල් දිය රැල්ලේ
SIDE - A
- ජීවිතයේ දිගු රෑ යාමේ – නීලා / ගාමිණී විජේතුංග
- පුතුමා ගිසේ – ටී. එම්. / ගාමිණී විජේතුංග
- සුදු උන්නැහේ – මොරිස් / රොමානොල් පෙරේරා පියනම
- මීවිත ගීතය – නීලා / කේ. ෆ්‍රැන්සිස්
- නොලියූ කවියක – මොරිස් / ගාමිණී විජේතුංග
- ගිරි ගිසින් – නීලා / ගාමිණී විජේතුංග
SIDE - B
- මහවැලි ගීතය – නිමල් / ගාමිණී විජේතුංග
- රෑහි නිදි නැති – නීලා / ගාමිණී විජේතුංග
- නැවියාගේ ගීතය – මොරිස් / ගාමිණී විජේතුංග
- ඇල් පවනැල්ලේ – ටී. එම්. / ගාමිණී විජේතුංග
- දරු නැලවිල්ල – මොරිස් / ගාමිණී විජේතුංග
- දම් බෝවිටියා – මොරිස් / ගාමිණී විජේතුංග
- ගායනය:
- ටී. එම්. ජයරත්න
- නීලා වික්‍රමසිංහ
- භානි මොරිස් විජේසිංහ
- නිමල් මෙන්ඩිස්
- සංගීතය:
- නිමල් මෙන්ඩිස්
- සරත් ප්‍රනාන්දු
- සමන් කුඹුකගේ
- නාද සංයෝජනය: සරත් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය: නෙරන්ජන් ද සිල්වා (පෝල් මැරි ශබ්දාගාරය, ඇතුල්කෝට්ටේ)
- කවර නිර්මාණය: තිස්ස වීරවර්ධන
- බෙදාහැරීම: ප්‍රියංකා රෙකෝඩ්බාර්, පිටකොටුව
එහි youtube ලිපිනය https://www.youtube.com/@infolankamiyurugee.
ගීතය අහන්න https://youtu.be/i9EOw0woNFI?si=1ENBnc41GP1P6Br3
ජීවිතයේ දිගු රෑ යාමේ
පැටලී දෙනෙතේ හඬවා රහසේ
මා හොවා අතීතයේ
හිනැහේ ඔබ මා
නුවන් දියේ
ජීවිතයේ දිගු රෑ යාමේ
ඔබේ සුවඳේ තනි වූ සිත මා
රෑ අහසේ තරු සේ වැලපෙන්නේ
නෙතු අගින් නුරා
ඇදී මහද අරා
නොපැතූ ලෙසින් ඔබේ හස කැළුම් උතුරා බසී
සිනා සිසී
සිනා සි සී
ජීවිතයේ දිගු රෑ යාමේ
දුටු සීනය මා ඔබේ ආදරේ
මා හොවා අතීතයේ
හිනැහේ ඔබ මා
නුවන් දියේ
ජීවිතයේ දිගු රෑ යාමේ
ඔබේ සුවඳේ තනිවූ සිත මා
රෑ අහසේ තරු සේ වැලපෙන්නේ
නෙතු අගින් නුරා
ඇදී මහද අරා
නොපැතූ ලෙසින් ඔබේ හස කැළුම් උතුරා බසී
සිනා සිසී
සිනා සි සී
ජීවිතයේ දිගු රෑ යාමේ
දුටු සීනය මා ඔබේ ආදරේ..
අහලා බලන්න. ඔබේ අදහස ලියන්න
.png)
.png)
.png)
.png)
.png)
No comments:
Post a Comment